29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතොටලඟදී අයිස් සමඟ කතක් අත්අඩංගුවට

තොටලඟදී අයිස් සමඟ කතක් අත්අඩංගුවට

පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට සැක කෙරෙන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය ඊයේ (14) අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා වෙත යොමුකිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය පැවසුවේ තොටළඟ ‘මෙත්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේ සිට සැකකාරිය මෙම ජාවාරම සිදු කර ඇති බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සතුව රැපියල් ලක්ෂ 15ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 100ක් හමු වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිඹුලාඇලේ ගුණාගේ අයියා වන ශිවා විසින් මෙහෙයවන 56 හැවිරිදි කාන්ති නැමැති කාන්තාවක් බවයි පොලීසිය පවසන්නේ.