― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනීතිවිරෝධී ධීවර කටයුතු කළ 17ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ධීවර කටයුතු කළ 17ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සිලාවතුර, මන්නාරම වංකාලේ, යාපනය කල්මුණේතුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සහ මීගමුව වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟිනුයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රා 6ක්, මුහුදු කූඩැල්ලන් 743ක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින් සිලාවතුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීත්, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනය මඟින් වංකාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීත්, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් කල්මුණේ තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීත් සහ බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් මීගමුව වෙරළ ප්‍රදේශයේත් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර තිබුණා.

එහිදී නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කළ සහ නීති විරෝධී ලෙස බලපත් රහිතව ධීවර කටයුතු කළ පුද්ගලයින් 17 දෙනෙකු සහ කිමිදුම් උපකරණ මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 25 ත් 61 ත් අතර වයසේ පසුවන මන්නාරම, වංකාලේ, මීගමුව, ත්‍රීකුණාමලය සහ යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔවුන් 17 දෙනා, ඩිංගි යාත්‍රා, මුහුදු කූඩැල්ලන් සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර හා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත සහ මීගමුව හා මන්නාරම සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.