29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිරිමින්ගෙන් 10%ක් ගෘහස්ථ හිංසනයට ලක්වන බවට අනාවරණයක්

පිරිමින්ගෙන් 10%ක් ගෘහස්ථ හිංසනයට ලක්වන බවට අනාවරණයක්

මෙරට පිරිමි පුද්ගලයන්ගෙන් 10%ක පිරිසක් ගෘහස්ථ හිංසනයට ලක්වන බව කාන්තා සෞඛ්‍ය ඒකකයේ වැඩසටහන් කළමනාකාර ප්‍රජා වෛද්‍ය විශේෂඥ නෙත්‍යාංජලී මාපිටිගම පවසයි.

ගෘහස්ථ හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ක්‍රියාත්මක කරන ‘මිතුරු පියස’ ඒකකය හරහා පැය 24 පුරාම ක්‍රියාත්මක වන නව දුරකථන අංකයක් හඳුන්වාදීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 0702611111 යන දුරකථනය අංකය ඔස්සේ දවසේ ඕනෑම වේලාවක ගෘහස්ථ හිංසන පිළිබඳව දැනුම් දිය හැකි බවයි එම කාර්යාංශය වැඩිදුරටත් පැවසුවේ.

කළුබෝවිල මහ රෝහලේ ‘මිතුරු පියස’ භාර වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය හේෂානී කරුණාතිලක පැවසුවේ ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය භාවිතය මේ සඳහා ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.