27.2 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොහොට්ටුවේ ජාතික සම්මේලනය අද

පොහොට්ටුවේ ජාතික සම්මේලනය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනය අද (15) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර අද (15) පැවැත්වෙන ජාතික සම්මේලන රැළිය වෙනුවෙන් දිවයිනේ ප්‍රධාන නගර රැස්කළ පොදුජන පෙරමුණේ ධජ සවිකර ඇති ආකාරය පසුගිය දින කිහිපය තුළම දැකගත හැකි වුණා.

‘සෞභාග්‍යමත් දේශයක් වැඩකරන රටක්’ යන්න මෙවර ජාතික සම්මේලනයයේ තේමාව වී තිබෙනවා.

අද (15) පැවැත්වෙන ජාතික සම්මේලනය රැළිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් එක්වන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.