33.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් රථ රියදුරෙක් කපා කොටා ඝාතනය කරලා

බස් රථ රියදුරෙක් කපා කොටා ඝාතනය කරලා

හංවැල්ල, තුම්මෝදර හංදිය ආසන්නයේ රථ රියදුරෙක් අද (15) උදෑසන කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇගළුම් කර්මාන්තශාලාවක බස් රථයක රථ රියදුරෙක් බවයි හංවැල්ල පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා 35 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක්.

මෙම පුද්ගලයා උදෑසන පූජා කිරීම සඳහා මල් කඩමින් සිටි අවස්ථාවේදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඝාතනය සිදුකළ සැකකරු කොළඹ බලා ගමන් ගත් දුම්රියකට වග දුම්රිය ස්ථානයෙන් ගොඩ වී පළායන අවස්ථාවේ දී මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හංවැල්ල පොලිසියට භාර දී තිබෙනවා.