― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබිත්තර මිල අඩු කරන්න බැහැ

බිත්තර මිල අඩු කරන්න බැහැ

උත්සව සමයේ බිත්තර මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් පවසා තිබෙනව.

ඔවුන් මේ බව පවසා ඇත්තේ වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ඇමතිවරයා සමග සාකච්ඡාවට පෙර බිත්තර නිෂ්පාදකයින් රුපියල් 55ට අඩුවෙන් බිත්තර නිකුත් කිරීමට තීරණයක් නොගන්නා බවට එකඟතාවයකට පැමිණ තිබෙනවා.

එහිදී වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු බිත්තර නිෂ්පාදකයින්ට දැනුම්දුන්නේ රුපියල් 55ට බිත්තරයක මිල පවත්වාගෙන යෑම සිදුකළ නොහැකි බවයි.

එහිදී බිත්තර නිෂ්පාදකයින් චෝදනා කළේ බිත්තර මිල ඉහළයෑමට වගකිව යුත්තේ තමන් නොව බේකරිහිමියන් සහ අතරමැදියන් බවයි.

කරුණු සිදුවන්නේ මෙලෙස නම් සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳවද විශ්වාසයක් තැබිය නොහැකි බැවින් ඊට පෙර බිත්තර ආනයනය කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ.

ආයේ ගේනවා කිව්වොත් ගේනවා. මං නැවත බිත්තර ආනයනය කරන්න කටයුතු කරනවා.”