29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්ද්‍රව්‍ය ගැන කියන්න පොලීසියෙන් දුරකථන අංක රැසක්

මත්ද්‍රව්‍ය ගැන කියන්න පොලීසියෙන් දුරකථන අංක රැසක්

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමේ පහසුව වෙනුවෙන් මහජනතාව සඳහා පොලිසිය විශේෂ දුරකථන අංක රැසක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පොලිස් කොට්ඨාස මට්ටමිනුයි අදාළ දුරකථන අංක හඳුන්වාදී ඇත්තේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩලීමේ ක්‍රියාකාරී පියවරක් ලෙසට පොලිසිය මෙම පියවර ගෙන ඇති අතර නව දුරකථන අංක මගින් ආරක්ෂක අංශ සමග අත්‍යවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමට මහජනතාවට අවස්ථාව හිමිවනු ඇති.

පොලිස් කොට්ඨාස 45ක් සඳහා නව දුරකථන අංක හඳුන්වාදී ඇති අතර එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට තම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් හෝ සැක සහිත ක්‍රියාකාරකමක් වාර්තා කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබෙන බවයි පොලිසිය සඳහන් කළේ.