30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමාතර නිවසකට වෙඩි ප්‍රහාරයක්

මාතර නිවසකට වෙඩි ප්‍රහාරයක්

මාතර පල්ලිමුල්ල ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. අද අලුයම් කාලයේ මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඉන් ත්‍රීරෝද රථයකට සහ මෝටර් රථයකට අලාභ හානි සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් පුද්ගලයන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ. පොලිසිය සැක පළ කරන්නේ විදෙස්ගතව සිටින ‘කැකුනදුර නීල්’ නැමැති පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි ප්‍රහාරය සිදු කරන්නට ඇති බවටයි.

මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් සිදු කර ඇති වෙඩි ප්‍රහාරයෙන් නිවසේ බිත්තියකට, ත්‍රී රෝද රථයට සහ මෝටර් රථයට හානි සිදුවී තිබෙනවා.

වෙඩි පහරවල් 5ක් පමණ එල්ලවී ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ.

2010 වසරේදී සිදු වූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අදාළ පාතාල සාමාජිකයාට එරෙහිව මෙම නිවසේ පදිංචිකරුවෙකු සාක්ෂි ලබාදීම වෙඩි තැබීමට හේතුව බව ද සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.