29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට පොල් අස්වැන්න පහළට

මෙරට පොල් අස්වැන්න පහළට

මෙරට පොල් අස්වැන්න පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය පවසයි.

ඒ අනුව පොල් ගෙඩි මිලියන 400 කට අධික සංඛ්‍යාවකින් අස්වැන්න පහළ ගොස් ඇති බවයි පොල් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනී ආරච්චිගේ පවසන්නේ.

පසුගිය වසරේ පොල් අස්වැන්න ගෙඩි මිලියන 3350ක් වන අතර එය මේ වසරේදී ගෙඩි මිලියන 2950 දක්වා අඩු වී තිබෙනවා.

නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය මීට ප්‍රධානතම හේතුව ලෙස පෙන්වා දෙන්නේ වසර 2ක් පමණ පොහොර නොයෙදීමයි.