29 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2024 ජනතාව තවත් පීඩාවට පත්කරන වසරක් වෙයි

2024 ජනතාව තවත් පීඩාවට පත්කරන වසරක් වෙයි

රජයේ ක්‍රියා කලාපය හේතුවෙන් කබලෙන් ලිපට ඇටී ඇති ජනතාවගේ පීඩාව තවත් වැඩිවන අවුරුද්දක් බවට 2024 අවුරුද්ද පත්වනු ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් අවදාරණය කළේ 2024 අයවැයෙන් සහන රැසක් ලැබෙයි කියා ජනතාව බලාපොරොත්තුවෙන් සිටියත් අයවැයෙන් ලැබී තිබෙන්නේ සහන නොව අධික බදු බරක් බවයි.

වැට් බද්ද සියයට 18 ක් දක්වා වැඩි කිරීමෙන් ජනවාරි 01 වැනිදායින් පසුව සෑම ඉන්ධන ලීටරයක්ම රුපියල් 60 ත් 70 ත් අතර මුදලකින් වැඩි වීමට නියමිත බවත් ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ලේම මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවත් මහලේකම්වරයා අවධාරණය කළේය.