26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot NewsKKR කණ්ඩායමේ නායකත්වය යළිත් අයියර්ට

KKR කණ්ඩායමේ නායකත්වය යළිත් අයියර්ට

එළඹෙන IPL තරගාවලියේ සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය සඳහා ශ්‍රෙයාස් අයියර් නැවත වරක් පත්කර තිබෙනවා.

ශ්‍රෙයාස් අයියර් 2022 IPL තරගාවලියට පෙර ඉන්දීය රුපියල් කෝටි 12.25ක මුදලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත් අතර 2023 වසරේ දීද ඔහු කණ්ඩායමේ රඳවා ගන්නට කටයුතු කළේ නායකත්වයේ වගකීම ද පවරමින්.

කෙසේ වෙතත් පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙවර IPL තරගාවලිය මඟ හැරී ගියා.

ඒ අනුව මෙවර තරගාවලියේ දී කොල්කටා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නිතිෂ් රානා හට පැවරී තිබුණා. 2024 තරගාවලිය වෙනුවෙන් ශ්‍රෙයාස් අයියර් කණ්ඩායමේ නායකයා ලෙස එක්වීමත් සමඟ නිතිෂ් රානා එම කණ්ඩායමේ උප නායකයා ලෙස පත්කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ආබාධය සුවවීමෙන් පසු ශ්‍රෙයාස් අයියර් නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ අතර, එහිදී ඔහු මැදපෙළ පිතිකරුවෙක් ලෙස දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණා.