23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsආධාර රැගත් ට්‍රක් රථ ඊශ්‍රායලයෙන් සෘජුවම ගාසා තීරයට

ආධාර රැගත් ට්‍රක් රථ ඊශ්‍රායලයෙන් සෘජුවම ගාසා තීරයට

එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ට්‍රක් රථ ප්‍රථම වරට ඊශ්‍රායලයෙන් සෘජුවම ගාසා තීරයට ඇතුළු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊජිප්තුවේ ආධාර ට්‍රක් රථවලට ජනතාව විසින් බාධා එල්ල කිරීම හේතුවෙන් එම ට්‍රක් රථ සෘජුවම ගාසා තීරයට ඇතුළු වී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය පවසන්නේ කුසගින්නෙන් පෙළෙන පුද්ගලයින්ට ආහාර ලබා ගැනීම සඳහා උපකාර කරන බවත් ආධාර බෙදා හැරීම නිසි පරිදි කළ නොහැකි බවයි.

හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ජබාලියා සරණාගත කඳවුරේ සිටි පුද්ගලයින් 90 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.

එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය සටන් විරාමයක් සඳහා ගෝලීය ඉල්ලීම් වේගවත් කරන බැවින් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් Lloyd Austin අද (18) ඊශ්‍රායල නිලධාරීන් හමුවීමට අපේක්ෂා කරන බවයි.