27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtආසියාවේ ජනප්‍රියම පුද්ගල ලැයිස්තුවේ පළමු තැන ෂාරුක්ට

ආසියාවේ ජනප්‍රියම පුද්ගල ලැයිස්තුවේ පළමු තැන ෂාරුක්ට

2023 වසරේ ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්වීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත් වී තිබෙනවා.

මහා බ්‍රිතාන්‍යයේ ‘ඊස්ටර්න් අයි’ පුවත්පත විසිනුයි මෙම ආසියාවේ ජනප්‍රියම පුද්ගලයන්ගේ ලැයිස්තුව සකස් කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිනමාව, රූපවාහිනිය, සංගීතය, සාහිත්‍ය, කලාව සහ සමාජ මාධ්‍ය ඔස්සේ කැපී පෙනෙන මෙහෙවරක් කළ සහ ජනප්‍රියත්වයට පත්වුණු පුද්ගලයන් මෙම ලැයිස්තුවට ඇතුළත් බවයි.

2023 වසරේ තිරගත වූ ෂාරුක් ඛාන්ගේ චිත්‍රපට දෙකක් වන ‘පඨාන්’ සහ ‘ජවාන්’ අදායම් වාර්තා තැබීමටද සමත් වුණා.

එමෙන්ම මෙම ලැයිස්තුවේ ආලියා භාත් සහ ප්‍රියන්කා චොප්රා දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවනවා.