26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය රියැලිටි ගායනා තරගයක පළමු තැන අපේ කිල්මිෂාට

ඉන්දීය රියැලිටි ගායනා තරගයක පළමු තැන අපේ කිල්මිෂාට

ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක විකාශය කළ රියැලිටි තරගාවලියකින් ජය ගැනීමට ශ්‍රී ලාංකික දැරියක් සමත් වී තිබෙනවා.

ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කළ මෙම little champs 2023 තරගාවලියේ අවසන් තරගය ඊයේ (17) පැවති අතර එහි කිරුළ දිනාගැනීමට යාපනය ප්‍රදේශයේ සිට එම වැඩසටහන සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික දැරියක් වන කිල්මිෂා සමත් වී තිබෙනවා.

තරගාවලියේ කිරුළ හිමිකරගත් කිල්මිෂාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ද හිමි වී තිබෙනවා.

ඉන්දියාවේ රියැලිටි වැඩසටහනක ප්‍රථම ස්ථානය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා කිල්මිෂා වීම විශේෂත්වයකි.