25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැළණි සරසවියේ සියලුම පීඨ අද විවෘත වෙයි

කැළණි සරසවියේ සියලුම පීඨ අද විවෘත වෙයි

කැළණිය විශ්ව විද්‍යාලයේ තාවකාලිකව වසා දමා තිබූ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු අද (18) සිට ආරම්භ කිරීමට නියමිතය.

එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට සිසුන් පිරිසක් සිදුකළ පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇති වූ අර්බුදකාරී තත්ත්වයක් මත පසුගිය 05 වනදා සිට විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කළා.

අනතුරුව පසුගිය සඳුදා (11) විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය, පරිගණක හා තාක්ෂණය පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණා.

කෙසේවෙතත් මානව ශාස්ත්‍ර පීඨය හා සමාජ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු එදින ආරම්භ නොවූ අතර, එම පීඨ දෙකේ අධ්‍යයන කටයුතු අද (18) දිනයේ යළි ආරම්භ කිරීමට නියමිතයි.