32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඡන්ද ලක්ෂ සීයක් ගෙන රනිල් නැවත ජනපති වෙනවා

ඡන්ද ලක්ෂ සීයක් ගෙන රනිල් නැවත ජනපති වෙනවා

රනිල් නැවත ජනාධිපති පුටුවේ වාඩි වන්නේ මෙතෙක් ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයකු නොලැබූ තරම් ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන බවත් රනිල් හුදෙක් දේශපාලකයකුට එහා ගිය ආර්ථික විශේෂඥයකු නිසා ලබන අප්‍රේල් වනවිට රට තිබිය යුතු තැන ගැන පැහැදිලි දැක්මක් සහිතව කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ලබන ජනපතිවරණයෙන් ඡන්ද ලක්ෂ සීයක් ගෙන ජනපති පුටුවේ වාඩිවෙන බව තමා ප්‍රකාශ කළේ විහිළුවට හෝ ආවට ගියාට නොවන බවයි.

එමෙන්ම මැතිවරණයකදී ඇත්ත විරුද්ධ පක්ෂය ජනතාව විසින් තෝරා ගනු ඇති බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ අවසාන මොහොතේ සියලු දේශපාලන පක්ෂ එක තැනකට පැමිණෙනු ඇති බවයි.