22.8 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටිකිරි මැණිකේ දුම්රියේ ගැටී තරුණයෙක්ට තුවාල

ටිකිරි මැණිකේ දුම්රියේ ගැටී තරුණයෙක්ට තුවාල

කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියේ ගැටීමෙන් ඊයේ (17) පස්වරුවේ තරුණයෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ නාවලපිටිය, ලබුවැල්කොටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණයෙක්.

මෙම තරුණයා නාවලපිටිය ප්‍රදේශයේ සිට දුම්රිය මාර්ගය ඔස්සේ සිය නිවස කරා ගමන්කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලැබූ තරුණයා එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් දුම්රියෙන්ම නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.