23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදැරියන් පස් දෙනෙකුට අතවර කළ පූජකයෙක් අත්අඩංගුවට

දැරියන් පස් දෙනෙකුට අතවර කළ පූජකයෙක් අත්අඩංගුවට

කිරුළපන ප්‍රදේශයේ එක්තරා ආගමික සභාවක් යටතේ පාලන වන නේවාසිකාගාරයක් පාලනය කළ පූජකවරයකු කිරුළපන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නේවාසිකාගාරයේ සිටි බාලවයස්කාර දැරියන් පස් දෙනෙකුට වරින් වර ලිංගික අතවර කිරීමේ චෝදනාව මතයි මෙම පූජකවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් පූජකවරයා 63 හැවිරිදි වියේ පසුවන අතර මෙම නේවාසිකාගාරයද ලියාපදිංචි නොකළ එකක් බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

2020 වසරේ සිට මේ දක්වා මෙම පූජකවරයා විසින් අවුරුදු 9 සිට අවුරුදු 17 දක්වා අතර වයසේ පසුවන දැරියන් පස් දෙනෙකු වරින්වර ලිංගික අතවරවලට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ දැරියන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර පූජකවරයා සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.