27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කිරීම ඇරඹේ

නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කිරීම ඇරඹේ

නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කිරීමේ කටයුතු මේ වනවිට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

ආසියාවේ උසම හස්තියා වූ නැදුන්ගමුවේ රාජාගේ මරණයේ සිට දින 14ක කාලයක් තුළ චර්මය ඉවත් කිරීම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ස්වාභාවික ජෛව සත්ත්ව අස්ථි විද්‍යා අංශයේ චර්ම විශේෂඥයින් කණ්ඩායමක් විසින් වැලිවේරිය ප්‍රදේශයේදී සිදුකරනු ලැබීය.

සත්ව සිරුරු සංරක්ෂණයේදී අනුගමනය කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව නැදුන්ගමුවේ රාජාගේ චර්මය සහ දළ යුගලය ඉවත් කිරීමට මෙම කණ්ඩායමට හැකි වූ අතර ඒ අනුව හස්තියාගේ චර්මය පිටතට ගනු ලබන්නේ අවසානම අවස්ථාවේදීය.

ලබන වසරේ ජූනි මාසයට පෙර නැදුන්ගමුවේ රාජාගේ සංරක්ෂණ කටයුතු අවසන් කිරීම මෙම සංරක්ෂකයින්ගේ අරමුණ වී තිබෙනවා.