පාසල් සිසුවියන් සහ උසස් අධ්‍යාපනය හදාරන තරුණියන් ගණනාවක් දූෂණය කර, එම නිරුවත් දර්ශන වීඩියෝගත කර අන්තර්ජාලයට මුදාහැරි පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවියක් හා ඇගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි පොලීසිය විසින් මෙම සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
දැරිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ තමා පෙම්වතා සමඟ මහනුවර පිහිටි ලැඟුම්හලකට ගිය බවත් එහිදී පෙම්වතා විසින් ලබාදුන් බීම වර්ගය පානය කිරීමෙන් පසු හෝටල් ජාමරය තුළ සිදු වූ කිසිවක් තමාට මතක නැති බවත්ය.
මෙලෙස අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා අතරින් එක් අයෙකු සමඟ
පැමිණිල්ල කළ සිසුවිය ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත. ඔහු සිසුවියගේ නිවසේදීම අවස්ථා කිහිපයකදී ඇයව දූෂණයට ලක්කර තිබෙන බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
පසුව ඔහු එම ප්‍රේම සම්බන්ධය අත්හැර තිබෙන අතර ඊට දින කිහිපයකට පසු වෙනත් සිසුවෙකු දිගින් දිගටම ඇයගේ දුරකතනයට කෙටි පණිවිඩ එවා ප්‍රේමය ප්‍රකාශ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
දැරිය විසින් ඒ බව පැරණි පෙම්වතාට දැනුම් දුන් අවස්ථාවේ තමන් අලුතින් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බැවින් කැමැති දෙයක් කරන ලෙස ඔහු සිසුවියට පවසා තිබෙනවා.
ඉන්පසු සිසුවිය විසින් කෙටි පණිවිඩ එවූ සිසුවා සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර ඇති අතර එම සම්බන්ධය ආරම්භ කර නොබෝ දිනකින් පෞද්ගලික පංතියක් නිමවූ අවස්ථාවේ නිවසට ඇරලවන බව පවසා ඔහු ඇයව ත්‍රිරෝද රථයකට නංවාගෙන තිබෙනවා.
එම අවස්ථාවේදී පෙම්වතා විසින් මහනුවර පිහිටි ලැගුම් හලක් වෙත දැරිය රැගෙන ගොස්, බීමට යමක්දී, මත් කර දූෂණය කර ඇති අතර එම නිරුවත් දර්ශන වීඩියෝ ගත කර තිබෙනවා.
ඉන්පසු එම දර්ශන සිසුවියගේ දුරකතනයට යොමු කරමින් බියකර නිතර, නිතර ඇයව අදාළ අවන්හල වෙත රැගෙන යමින් දූෂණයට ලක්කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
ඇගේ පළමු පෙම්වතා ද ඊට සම්බන්ධ වෙමින් සිසුවියගේ නිරුවත් දර්ශන තම මිතුරන්ගේ ජංගම දුරකතනවලට මෙන්ම අන්තර්ජාලයටද මුදාහැර තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙලෙස සැකපිට අත්අඩංගුවට ගත් එක් සිසුවෙකුගේ ජංගම දුරකතනයේ තිබී පාසල් සිසුවියන්ද ඇතුළුව ඔහු විසින් දූෂණය කළ බවට සැක කරන තරුණියන් රැසකගේ නිරුවත් වීඩියෝ දර්ශන සොයා ගත් බවයි.
අන්තර්ජාලයට මුදාහැර තිබූ නිරුවත් දර්ශන සහිත මෙම වීඩියෝව සිසුවිය අධ්‍යාපනය ලබන මහනුවර බාලිකා විද්‍යාලයටද දක්නට ලැබී ඇති අතර පාසලේ පාලනාධිකාරිය විසින් සිසුවිය පාසලෙන් ඉවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.
මෙම වීඩියෝ දර්ශන මුදල් ලබාගෙන අන්තර්ජාලය වෙත යොමු කොට ඇත්දැයි පොලීසිය සැක පළ කරන අතර ඒ පිළිබඳව සොයාබැලීමට විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇත.