― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපාසල් සිසුන් අතර මුඛ පිළිකා අවදානමක්

පාසල් සිසුන් අතර මුඛ පිළිකා අවදානමක්

මෙරට පාසල් සිසුන් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවා තිබෙනවා.

ජාතික දන්ත රෝහලේ මුඛ හනුක වක්ත්‍ර විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.එච්.පී.එස්. කරුණාතිලක පවසන්නේ පාසල් සිසුන්ගේ හා වයස අවුරුදු විස්සට අඩු දරුවන්ගේ මුඛයෙහි සහ තොල වටේ සුදු පැහැයක් පවතින්නේ නම් එය මුඛ පිළිකාවක ලක්ෂණයක් විය හැකි බවයි.

වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ විශේෂයෙන්ම පාසල් සිසුන් පැකට් කරන ලද විට කෑමට පෙලඹීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

ජාතික දන්ත රෝහලට මුඛ පිළිකා සහ පූර්ව පිළිකා වැලඳුන රෝගින් 5 -20 ත් අතර පිරිසක් දිනපතා පැමිණෙන අතර ඉන් වැඩි පිරිසකගේ මුඛ පිළිකා තත්ත්වයට මුල් අවධියේදීම පහසුවෙන් ප්‍රතිකාර කිරීමට හැකි බවයි වෛද්‍යවරයා පවසන්නේ.

මෙරට ජනතාවගෙන් සියයට හතළිස් නවයක් බුලත් සමග දුම්කොළ කෑම සිදුකරන බවත් එම තත්ත්වය වළක්වා ගත යුතු බවත් පැවසූ වෛද්‍යවරයා අවදාරණය කළේ සතියකට වරක් හෝ මුඛය පරික්ෂා කිරීම වැදගත් බවයි.