25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු පළායයි

බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු පළායයි

අඟුණකොලපැළැස්ස බන්ධනාගාරයේ සිටි රැදවියන් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා අඟුණකොලපැළැස්ස රෝහලට රැගෙන ගොස් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් තිබෙනවා.

එලෙස පළාගිය රැදවියන් දෙදෙනා තණමල්විල, සර්වෝදය ප්‍රදේශයේ වාඩියක සිටින බවට ලස තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 සහ 32 යන වයස්වල පසුවන්නන් වන අතර, මංකොල්ලකෑම්,බෝම්බ ළඟ තබාගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූ දෙදෙනෙක්.

සැකකාර රැදවියන් දෙදෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තණමල්විල පොලිස් ස්ථානය මඟින් සිදුකරනු ලබනවා.