27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබයිඩන්ගේ ආරක්ෂිත රථ පෙළේ මෝටර් රථයක් ගැටෙයි

බයිඩන්ගේ ආරක්ෂිත රථ පෙළේ මෝටර් රථයක් ගැටෙයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගමන් ගන්නා මෝටර් රථ පෙළේ රථයක් ඊයේ රාත්‍රියේ අනතුරකට ලක්ව තිබෙනවා.

බයිඩන්ගේ ආරක්ෂක අංශයට අයත් රහස් සේවා මෝටර් රථයක් ජනපතිගේ මෝටර් රථ පෙළේ SUV රථයක මෙලෙස ගැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් ඇමරිකානු ජනාධිපතිවරයාට හානියක් සිදුව නොමැති අතර ඔහු ආරක්ෂිතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ ජනාධිපතිවරයාගේ බිරිඳවන ජිල් බයිඩන් ද එම ස්ථානයේ සිට තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම සිද්ධිය වන අවස්ථාවේ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් සමඟ ආහාර ගැනීමෙන් පසු වැසි සහිත රාත්‍රීයේ විල්මින්ටන් නගරයේ මූලස්ථානයෙන් පිටතට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.