මිල්කෝ ආයතනයේ සභාපතිවරයා රේණුක පෙරේරා අද (18) එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
මිල්කෝ ආයතනය පෞද්ගලිකරණය කිරීමට දේශීය හා ඉන්දියානු සමාගමක් සමඟ ඒකබද්ධව කටයුතු කරන බැවින් තමන් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි එම ලිපිය මගින් ඔහු පෙන්වා දී ඇත්තේ.