27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියේ මෙහෙයුමෙන් සැකකරුවන් 2,000ක් අල්ලයි

යුක්තියේ මෙහෙයුමෙන් සැකකරුවන් 2,000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනය කිරීම සඳහා ඊයේ (17) දිනයෙන් ආරම්භ කළ පොලීසියේ ‘යුක්තියේ මෙහෙයුම’ අද දිනයේද ක්‍රියාත්මකයි.

පොලීසිය පවසන්නේ ගතවූ පැය 24ක කාලය තුළ දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 2,121ක් අත්අඩංගුවට ගත් බවයි.

එම පිරිසෙන් සැකකරුවන් 12 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකරන අතර සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම පුද්ගලයන් 133 දෙනෙකු පුනරුත්ථාපනය සඳහාත් යොමු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116 දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැය 24ක් ඇතුළත සිදු කළ මෙම ම්,එහෙයුමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑන් 232ක්, අයිස් ග්‍රෑම් 769ක්, ගංජා කිලෝග්‍රෑම් 178යි ග්‍රෑම් 916ක්, ගංජා පැළ 30,550ක්, ඈෂ් කිලෝග්‍රෑම් 35යි ග්‍රෑම් 89ක්, මාවා ග්‍රෑම් 626ක්, තූල් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 102ක් හා මත්පෙති 3,489ක් අත්අඩංගුවට ගැනීමට හැකිවීම විශේෂත්වයකි.