පොදුජන පෙරමුණේ පක්ෂ ලේකම් සාගර කාරියවසම් හට විරෝධය පළ කිරීමට පුන්නක්කු රැගෙන පැමිණීමේ පුවතක් වාර්තා වනවා.
ජන අරගල ව්‍යාපාරයේ සභාපති චානක බණ්ඩාර ඇතුළු පිරිසක් අද (18) නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ සාගර කාරියවසම් හට විරෝධය පළ කළා.
පසුගිය 15 වැනිදා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේදී සාගර කාරියවසම් විසින් සිදුකළ ප්‍රකාශයකට එරෙහිවයි ඔවුන් මෙලෙස විරෝධය පළ කර ඇත්තේ.
කෙසේනමුත් ආරක්ෂ අංශ විසින් එම පිරිසට කාර්යාලයට ළඟවීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් ඔවුන් මාර්ගය ඉදිරිපිටදී විරෝධය පළ කළා.