― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅපරාධ යුක්ති ක්‍රියාදාමය අවභාවිතා කරනවැයි ජෙරම්ට චෝදනා

අපරාධ යුක්ති ක්‍රියාදාමය අවභාවිතා කරනවැයි ජෙරම්ට චෝදනා

බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විවිධ නඩුකර ඉදිරිපත් කරමින් මෙරට අපරාධ යුක්ති ක්‍රියාදාමය අවභාවිතාවට ලක් කරමින් සිටින බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගයක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි ඔහු මේ බව සඳහන් කළේ.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයේ පෙත්සම්කාර දේව ගැතිවරයා තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළ බව සඳහන් කළා.

එම කරුණට අදාළවම අභියාචනාධිකරණය හමුවේද තවත් රිට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර පසුව අධිකරනය විසින් එය සලකා බැලීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු විසින්ම එය ඉල්ලා අස්කරගෙන පසුව එම කරුණට අදාළව තවත් පෙත්සමක් ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

මෙලෙස පෙත්සම්කරු විවිධ අධිකරණවලට පෙත්සම් යොමු කරමින් නීතිය මඟ හැර යාමට උත්සාහ කර ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා මේ තුළින් ඔහු මෙරට අපරාධ යුක්ති ක්‍රියාදාමය අවභාවිතයට ලක් කර ඇති බවත් චෝදනා කර සිටියා.

මේ ආකාරයෙන් කටයුතු කිරීමට ඔහුට නීතිය ඉදිරියේ කිසිදු සුවිශේෂී වරප්‍රසාදයක් හිමිවී නොමැති බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන වැඩිදුරටත් චෝදනා කර සිටියා.

මෙම පෙත්සම පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා විසින් ඊයේ දින මූලික විරෝධතා මතු කර තිබුණා. එම මූලික විරෝධතා පිළිබඳ නියෝගය හෙට දින ප්‍රකාශයට පත් කරන බවත් අභියාචනාධිකරණය නියෝග කළා.