23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා පළමු කණ්ඩායම පිටව යයි

ඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා පළමු කණ්ඩායම පිටව යයි

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපොළින් ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම කණ්ඩායමට 30 දෙනෙකු ඇතුළත් වී ඇති අතර අද (19) උදෑසන තවත් විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ අද රාත්‍රියේදීත් තවත් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත් කර යවන බවයි.

ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකදී ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායම සදහා වන ගුවන් ටිකට්පත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් ශ්‍රමිකයින්ට ලබා දී තිබෙනවා.

දෙරට අතර මීට පෙර ඇති කරගෙන තිබූ ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමට කටයුතු කරන අතර ඉදිරි සතිකිහිපය තුළදී ශ්‍රමිකයින් දස දහසක් ඊශ්‍රායලය බලා පිටත් කර යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.