29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකාන්තාවන් හා ළමුන් වෙනුවෙන් ක්ෂණික දුරකථන අංකයක්

කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් ක්ෂණික දුරකථන අංකයක්

ජනවාරි 01 වැනිදා සිට කාන්තාවන් හා ළමයින් මුහුණදෙන හිරිහැර සහ පීඩාවන් සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා පොලිසිය ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ විශේෂ උපදෙස් හා මග පෙන්වීම පරිදි මෙය ක්‍රියාත්මකය.

පැය 24 පුරාම ක්‍රියාත්මක කරන මෙම ඇමතුම් මධ්‍යස්ථානය හරහා කාන්තාවන්ට හා ළමයින්ට වඩාත් විශ්වාසනීය ලෙස අවශ්‍ය සේවාවන් ලබාදීම මෙහි අරමුණයි.

මෙම ක්ෂණික දුරකථන අංකය මගින් දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ඕනෑම භාෂාවකින් තමන් මුහුණ දෙන ගැටලු‍ පිළිබඳ දැනුම් දීමේ හැකියාව පවතිනවා.