26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙක් අයිස් සමඟ මාට්ටු

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙක් අයිස් සමඟ මාට්ටු

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කෙසෙල්වත්තේ දිනුක’ නැමැත්තාගේ සමීපතමයකු අයිස් මත්ද්‍ර‍ව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද ‘යුක්තියේ මෙහෙයුමෙන්’ ඊයේ (18) වත්තල පොලිස් වසමේ අංක 53/4/ඒ, පල්ලිය පාර, වත්තල ලිපිනයේදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී අයිස් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 40 සන්තකයේ තබාගෙන සොරකම් කරන ලද යතුරු පැදියක් මගින් ප්‍ර‍වාහනය කරමින් සිටි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද රුපියල් 34,000.00 ක්, විද්‍යුත් තරාදියක් හා ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මොහු සංවිධානාත්මක අපරාධ පාතාල ක්‍රියාකාරකම් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ සමීපතමයකු බවත් මොහු විසින් මීට පෙර මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් කිරිම ඇතුළුව නීතිවිරෝධි ක්‍රියා සිදුකිරීම සම්බන්ධව චෝදනා ලද පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී ඇත.