වයඹ දිග චීනයේ ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිදු වූ ප්‍රබල භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 111ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තුවාල ලැබූ සංඛ්‍යාවද 200 ඉක්මවා ඇති බවයි.
මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6.2 ක් වශයෙන් සඳහන්ව තිබුණා.
සහන සේවා කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව පැවසෙනවා.