― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsජලයෙන් යට වූ ගමක ජනතාව යුධ හමුදාවෙන් බේරාගනී

ජලයෙන් යට වූ ගමක ජනතාව යුධ හමුදාවෙන් බේරාගනී

මුලතිව් දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදැහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ඇතිවී තිබෙනවා.

මෙම ගංවතුර හේතුවෙන් ඔඩ්ඩුසුඩාන් බණ්ඩාරවන්නි ප්‍රදේශයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී තිබෙනවා.

මෙම ප්‍රදේශවලට බලපෑ ගංවතුර තත්වය සීග්‍රයෙන් වැඩිවීම හේතුවෙන් පවුල් 32 කට අයත් පුද්ගලයින් 102 දෙනෙකු හට ගම්මානයෙන් පිටතට ගමන් කිරීමට නොහැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව ප්‍රදේශ භාර යුද හමුදා නිලධාරීන් පිරිසක් අදාළ ගම්මානයට ගොස් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදා විපතට පත් වුවන් බේරාගෙන තිබෙනවා.

ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පනික්කන්කුලම්, හින්දුපුරම්, බණ්ඩාරවන්නි, තට්ටයාර්මලෙයි සහ පුලියන්කුලම් ප්‍රදේශයන්වල පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 700කට අයත් පුද්ගලයින් 2000කට අධික පිරිසක් අවතැන් වී ඇති බවයි මුලතිව් ආපදා කළමනාකරණ ඒ්කකය පෙන්වා දෙන්නේ.