― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපොලිතින් කැවූ විදුහල්පති ඉල්ලා සිසුන් පාරට

පොලිතින් කැවූ විදුහල්පති ඉල්ලා සිසුන් පාරට

පාසල් ළමුන් පිරිසකට පොලිතින් කැවූ විදුහල්පතිවරයා යළිත් පාසල වෙත ලබාදෙන ලෙස බල කරමින් එම පාසලේ ගුරුවරුන්, සිසු සිසුවියන් සහ දෙමව්පියන් පිරිසක් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වනවා.

නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති ජානක ජයවර්ධන එම පාසලේ 11 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් පාසලට ලන්ච් ෂීට්වල ඔතා දිවා ආහාර රැගෙනවිත් තිබීම හේතුවෙන් සිසුන් හත්දෙනෙකුට එම පොලිතින් අනුභව කරන ලෙස අණ කර තිබෙනවා.

විදුහල්පතිවරයාගේ නියෝගය මත සිසුන් හත්දෙනා ඔවුන් රැගෙන පැමිණ පොලිතින් අනුභව කිරීමෙන් පසු රෝගාතුර වී නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

රෝහල්ගත සිසුන්ගේ දෙමව්පියන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය විසින් විදුහල්පතිවරයාව සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

විදුහල්පතිවරයා නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබුණා.

දැනට උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමව්පියන් කියා සිටින්නේ විදුහල්පතිවරයා විදුහලේ විනය පවත්වාගෙන යාමට ක්‍රියා කළ බවත්, ඒ අනුව පාසලේ පරිසර පද්ධතිය රැක ගැනීම සඳහා පාසලට පොලිතින් රැගෙන ඒම තහනම් කර තිබියදී එම සිසුන් පිරිස විසින් පොලිතින්වල ආහාර ඔතා රැගෙන විත් ඇති බවත්ය.

තාවකාලිකව මාරු කර ඇති විදුහල්පතිවරයා යළිත් එම පාසලට ලබාදෙන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙන බවත් මෙයට විසඳුමක් ලැබෙන තෙක් පාසල් පැවැත්වෙන සෑම දිනකම මෙම උද්ඝෝෂණය සිදු කරන බවත් දෙමව්පියන් පවසනවා.