32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් බඩඉරිඟු ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

වෙළෙඳපොලේ ප්‍රමාණවත් බඩඉරිඟු තොග නොමැති වීම හේතුවෙන් කුකුළු කෑම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල හිඟයක් පවතින බවයි රජය පවසන්නේ.

ඊට තාවකාලික පිළියමක් ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 15000 ආනයනය කිරීම සඳහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට බලපත්‍ර ලබා දී තිබෙනවා.

ඒ අනුව ලියාපදිංචි විදේශ සැපයුම්කරුවන් වෙතින් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 15000ක උපරිමයකට යටත්ව ආනයනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.