26.7 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබන්ධනාගාර බස් රථවලට CCTV කැමරා

බන්ධනාගාර බස් රථවලට CCTV කැමරා

බන්ධනාගාර බස් රථවලට CCTV කැමරා සවිකිරීම ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පැවසුවේ රැඳවියන් අධිකරණවලට ඉදිරිපත් කරන බන්ධනාගාරවල බස් රථවලට කැමරා සවිකරන ලෙස උපදෙස් දී ඇති බවයි.

එමෙන්ම කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ කැමරා සවිකිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්‍ෂාවට වඩාත් ප්‍රයෝජනවත් බවත් කැමරා පද්ධතිය බන්ධනාගාරයේ සිට නිරීක්‍ෂණය කිරීමේ හැකියාව තිබීම නිසා බන්ධනාගාර නිලධාරීන්ට චෝදනා කිරීමේ අවස්ථාවද අඩු වන බවත්ය.

වැලිකඩ බන්ධනාගාරයේ බස් රථයක කැමරා පද්ධතිය කැමරා 07 කින් සමන්විත වන අතර සියලුම දර්ශන පටිගත වන බව පැවසූ කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ දිනය අවසානයේ සමස්ත විඩියෝවේ පිටපතක් ගන්නා බවයි.