29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් වර්ජනයක

මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් වර්ජනයක

මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් අද (19) සහ හෙට (20) දෙදින වැඩ වර්ජනයක නිරත වීමට නියමිතය.

මධ්‍යම පළාත් ගිලන් රථ සහ ප්‍රවාහන රියදුරු සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න පැවසුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කරන ස්ථාන මාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය දියත් කරන බවයි.

ස්ථානමාරු ක්‍රමවේදයේදී අපි දිගින් දිගටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තමයි ආයතන සංග්‍රහයට අනුව අපේ ස්ථානමාරු සිදුවුණේ. නමුත් මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමා අනුමත කරපු ස්ථානමාරු ඒකාබද්ධ රියදුරු සේවයේ ප්‍රතිපත්තිය අනුව මෙවර අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් එළියට මාරු කරලා තියෙනවා කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයට.

මෙවර ස්ථානමාරු කිරීමේ ක්‍රමවේදයේදී ජ්‍යෙෂ්ඨ, පළපුරුදු රියදුරන් 15 දෙනෙකු ඉල්ලීම නොතකා එළියට මාරු කරලා තියෙනවා. මධ්‍යම පළාතේ ජනතාවට සේවය සලසන්න මේ පළපුරුදු සේවකයන් එළියට මාරු කරන එක නවත්වන්න අපි දෙදින සංකේත වැඩවර්ජනයක් සිදුකරනවා. අපේ විරෝධය පළ කරනවා. එසේ නොවන්නේ නම් ජනවාරි 1 සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යනවා.”