― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවැලිමඩ හදිසි ගංවතුරක් - ලොරි රථයකුත් යටවෙයි

වැලිමඩ හදිසි ගංවතුරක් – ලොරි රථයකුත් යටවෙයි

වැලිමඩ නගරයට ඇදහැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් ඌව පරණගම මාර්ගයේ සති පොල භූමිය අසළ ඇති වෙළෙඳසැල් රැසක් ජලයට යට වීම හේතුවෙන් දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වෙනවා.

මෙහි වෙළෙඳසැල් 61ක් පමණ පවතින අතර වැලිමඩ ප්‍රාදේශීය සභාවෙන් ඒවා නඩත්තු කෙරෙනවා. වෙළෙඳුන් පවසන්නේ වැලිමඩ සති පොළ භූමියේ සිට මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ විශාල ජල කදක් ගලා ඒමෙන් තම වෙළෙඳසැල් යට වූ බවත් මෙයින් තමන්ට දැඩි ලෙස පාඩු සිදුව ඇති බවත්ය.

ප්‍රාදේශීය සභාවෙන් කොපමණ ඉල්ලීම් කළද ජලය බැස යන කාණු පද්ධතිය නිසියාකාරව නඩත්තු නොකිරීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇති බවටයි වෙළෙඳුන් චෝදනා කරන්නේ.

අසරණව සිටින තමන්ගේ අවනඩුව කොපමණ කියා සිටිය ද සභාවේ බලධාරීන් තුට්ටුවකටවත් මායිම් නොකරන බවයි ඔවුන් පවසන්නේ.