― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසංචාරක කර්මාන්තය නංවන Nas Daily ගේ පළමු වීඩියෝව නිකුත් කෙරේ

සංචාරක කර්මාන්තය නංවන Nas Daily ගේ පළමු වීඩියෝව නිකුත් කෙරේ

ලොව පුරා මිලියන ගණනක රසික ප්‍රජාවගේ ආදරයට පත් ව්ලොග් නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලෝකයට විදහාපාන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩනැංවීම සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කළ Nas Daily ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය සඳහා ඔහුගේ පළමු වීඩියෝවයි මෙලෙස ඊයේ (18) සමාජ මාධ්‍යයට නිකුත් කර ඇත්තේ.

ඔහු එම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ‘ශ්‍රී ලංකාව ලස්සන සංස්කෘතියක් ඒ වගේම ලස්සන මිනිස්සු සිටින ලෝකයේ මගේ ප්‍රියතම රටවලින් එකක්‘ බවයි.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් Nas Daily විශේෂ වීඩියෝ තුනක් නිෂ්පාදනය කරන බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ.

2020 වසරේදී Nas Daily කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන් (The Most Generous Country During Covid) ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයද බොහෝ දෙනාගේ ආදරය දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

https://fb.watch/p0WfyiifxB/