ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට නිවෙස්වල සවිකරන සූර්ය පැනල කට්ටලයක මිල ඉහළ යන බව ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් සහ එහි බලශක්ති කවුන්සිලයේ සභාපති ආචාර්ය ලක්මල් ප්රනාන්දු පවසයි.
ඔහු සඳහන් කළේ ඒ අනුව සූර්ය පැනල කට්ටලයක් අවම වශයෙන් රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇති බවයි.
සූර්ය පැනල කට්ටලයක් සඳහාද 18%ක වැට් බද්ද පැනවීම ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ.