31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsළමා මවුවරුන් වාර්තා වීම ඉහළට

ළමා මවුවරුන් වාර්තා වීම ඉහළට

පොලිස් වාර්තාවලට අනුව පසුගිය නොවැම්බර් මාසයේ බාලවයස්කාර ගැහැණු දරුවන් 10 දෙනෙකු ගැබ්ගෙන ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද ලිංගික අපයෝජනයට ලක්වීමේ වැඩි ඉඩක් පවතින බව තම අධිකාරියට ලැබෙන පැමිණිලි අනුව අනාවරණය වී ඇති බවයි.

එමෙන්ම බාල වයස්කාර ගැහැණු දරුවන් මව්වරුන් බවට පත්වීම බරපතළ සමාජ සහ නීතිමය ගැටලුවක් බවට පත්ව ඇති බවත් වසරේ ගෙවී ගිය කාලය තුළ ළමා මව්වරුන් 2000ක් වාර්තා වී ඇති බවත් කථිකාචාර්යවරයා අවධාරණය කළේය.

මීට පිළියමක් ලෙස ඔහු පෙන්වා දුන්නේ මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් දරුවන් බේරාගැනීම සඳහා ඔවුන්ට ලිංගික අපයෝජනයන් සහ ඒවා වළක්වාගැනීම පිළිබඳව මනා දැනුමක් ලබාදීම සිදුකළ යුතු බවයි.