26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot NewsIPL ක්‍රීඩක වෙන්දේසිය අද

IPL ක්‍රීඩක වෙන්දේසිය අද

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (18) ඩුබායිහිදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතය.

ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අට දෙනෙකුගේ නම් ඉදිරිපත් වී තිබෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 333 ක් ඇතුළත් කොට තිබෙන අතර මේ අතුරින් විදෙස් ක්‍රීඩකයන් 30කට සහ ඉන්දියානු ක්‍රීඩකයන් 43කට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට සහභාගී වීමේ අවස්ථාව හිමි වනු ඇති.

වනිදු හසරංග, කුසල් මෙන්ඩිස්, දිල්ෂාන් මදුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ නුවන් තුෂාර අද පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වශයෙන් නම් කර තිබෙනවා.

මේ අතරින් වැඩිම ආරම්භක මිලකට නම් කර සිටින ක්‍රීඩකයා වනිදු හසරංග වන තර ඔහු ඉන්දීය රුපියල් කෝටි 1.5කටත් අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හත්දෙනා ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් ලෙසත් වෙන්දේසිය සඳහා නම් කර ඇත.