27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅග්බෝ නිසා ගමක් නොසන්සුන් වෙයි

අග්බෝ නිසා ගමක් නොසන්සුන් වෙයි

අග්බෝ හස්තියා වෙනත් ප්‍රදේශයකට ගෙන යන ලෙස ඉල්ලා තිරප්පනේ ඇතුන්ගම ප්‍රදේශයේ ජනතාව මැසිවිලි නඟනවා.

උලගල්ල වැවේ දහවල් කාලය ගත කරන මෙම හස්තියා සවස් කාලයේ ඇතුන්ගම ප්‍රදේශයේ සැරිසරමින් තම වගාවන් විනාශ කරන බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ පිළිබඳ සොයා බැලීම සඳහා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය හා අඩවි වන නිලධාරීන් මෙන්ම පොලීසිය ඇතුන්ගමුව ප්‍රදේශයට පැමිණීමත් සමඟ ජනතාව නොසන්සුන්කාරී ලෙස හැසිරීමට පටන් ගත්තා.

ඔවුන් ඉල්ලා සිටියේ අග්බෝ හස්තියා වහාම වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙසයි.

අග්බෝ හස්තියාගේ වම් පාදයට සිදුව ඇති තුවාල හේතුවෙන් පශු වෛද්‍යවරුන් මාස කිහිපයක සිට මෙම සත්ත්වයාට ප්‍රතිකාර ලබාදීම සිදු කරනු ලබනවා.

මේ වනවිට නිසි සුවයක් නොලැබීම හේතුවෙන් අග්බෝ හස්තියා තිරප්පනේ ඇතුන්ගම ප්‍රදේශයේ රඳවා ගනිමින් ප්‍රතිකාර ලබා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.