32 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅළුබෝමුල්ලේ පිංකි ඇතුළු සිවුදෙනෙක් අත්අඩංගුවට

අළුබෝමුල්ලේ පිංකි ඇතුළු සිවුදෙනෙක් අත්අඩංගුවට

කටාර් රාජ්‍යය සහ මෙරට අතර ක්‍රියාත්මක මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන මහ මොළකරු වන ‘අළුබෝමුල්ලේ පිංකි’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අළුබෝමුල්ල, මහ බෙල්ලන සහ බණ්ඩාරගම රඹුක්කන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ප්‍රධාන සැකකරු කිසිදු රැකියාවක් නොමැතිව සුඛෝපභෝගී නිවසක් සහ මෝටර් රථ රැසක් භාවිතා කරමින් සුඛෝපභෝගී ජිවිතයක් ගත කරන බවටත්, තෙමහල් ගොඩනැගිලි ඇතුළු දේපල රැසක හිමිකරුවෙකු බවටත් පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සැකකරු පොලිසියට ගෙන්වා පැය දෙකක පමණ කාලයක් ප්‍රශ්න කරමින් සිටියදී සැකකරුගේ ජංගම දුරකථනයට විශාල කෙටි පණිවුඩ රාශියක් ලැබී ඇති අතර ඒ අනුව ජංගම දුරකථනය පරීක්ෂා කර තිබෙනවා.

ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී කටාර් රාජ්‍යයේ සහ මෙරට මත්කුඩු ජාවාරමට සම්බන්ද මත්කුඩුවල ඡායාරූප, මුදල් ගනුදෙනු රිසිට් පත්, දුරකථන සංවාද, ගූගල් සිතියම් ඇතුළු තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත ජාවාරමට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 22 ක්, සුඛෝපභෝගී මෝටර් රථයක්, ත්‍රිරෝද රථ දෙකක්, යතුරුපැදියක්, ජංගම දුරකථන සහ බැංකු ගිණුම් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී වසරක පමණ කාලයක් තුළදී රුපියල් කෝටි 15කට අධික මුදලක් ගනුදෙනු කර ඇති බවටද අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් විශේෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.