23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsආබාධිත තැනැත්තන් වෙනුවෙන් වෙනම කොමිසමක්

ආබාධිත තැනැත්තන් වෙනුවෙන් වෙනම කොමිසමක්

ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් සංවේදී වූ රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමට සහාය වන ලෙස ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.

මෙහිදී 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත පරිච්ඡින්න කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දීර්ඝ වශයෙන් සංසදයේ අවධානය යොමු වූ අතර ආබාධ සහිත තැනැත්තන් සඳහාවන ඒකාබද්ධ පෙරමුණ සහ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මේ සඳහා සහභාගී වුණා.

මෙහිදී යෝජිත නව පනත් කෙටුම්පතට අනුව ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම පිළිබඳ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් පැමිණි පිරිස පෙන්වා දුන්නා.

මෙහිදී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පෙන්වා දුන්නේ ඉක්මනින්ම මෙම යෝජිත නව පනත් කෙටුම්පත පිළිබඳ අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බවත් එමෙන්ම ජනාධිපතිවරයා සමඟ මේ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ආබාධ සහිත තැනැත්තන්ගේ ද සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මේ මස සිට ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා අවසර ලබා දී ඇති බව ද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සඳහන් කළා.