ඉතිහාසයේ ප්‍රථම වරට එස්තෝනියානු රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ඍජු ගුවන් සේවා ආරම්භ කර තිබෙනවා.
එස්තෝනියාවේ සිට SkyUP Airlines ගුවන් සේවයේ අංක U5-9394 දරණ ගුවන්යානය අද (20) රාත්‍රී 11.50ට එස්තෝනියා අගනුවර ටැලින් සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිතය.
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පැවසුවේ ඒ අනුව එම ගුවන් යානයෙන් පැමිණෙන සංචාරකයන් උත්සවාකාරයෙන් පිළිගැනීමට කටයුතු සූදානම් කර ඇති බවයි.