27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුරියර් ක්‍රමයට මත්පෙති බෙදූ වෛද්‍ය සිසුවා අල්ලයි

කුරියර් ක්‍රමයට මත්පෙති බෙදූ වෛද්‍ය සිසුවා අල්ලයි

කුරියර් සේවා මඟින් මත්ද්‍ර‍ව්‍ය අලෙවි කළ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (19) කෝපායි පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී මෙම වෛද්‍ය සිසුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සිසුවා සන්තකයේ තිබී මත්පෙති 11ක් සහ මදනමෝදක ගුලි 45ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සිසුවා යාපනය විශ්වවිද්‍යලයේ වෛද්‍ය පිඨයේ 03 වන වසරේ ඉගෙනුම ලබන සියඹලාවැව, රූඹෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක අයෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකාර සිසුවා වැඩිදුර විමර්ශන සඳහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.