23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපතිගේ කකුලෙන් අදින්න දෙන්නේ නැහැ - ප්‍රසන්න

ජනපතිගේ කකුලෙන් අදින්න දෙන්නේ නැහැ – ප්‍රසන්න

මේ මොහොතේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට උදවු කරනුයේ දේශපාලනයට වඩා රට ගැන සිතා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19) මරඳගහමුල සහල් තොග වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තියෙන මේ මොහොතේදී ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇඳීමට ඇතමුන් ගන්නා උත්සාහයට ඉඩ දිය නොහැකි බවයි.

එමෙන්ම ආර්ථික අර්බුද විසඳාගෙන ලබන වසරේදී ජනතාවට සහන ලැබෙනු ඇති බවත් බැසිල් රාජපක්ෂ විසින් පුද්ගලික අංශය සතුව පවතින මෙරට ‍සහල් ඒකාධිකාරිය බිඳ දැමීමේ අරමුණින් මෙම ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය ඉදිකරනු ලැබූ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මරඳගහමුල ධාන්‍යාගාර සංකීර්ණය හා තොග වෙළෙඳ මධ්‍යස්ථානය පිහිටි ඉඩම අක්කර දෙකක පමණ විශාලත්වයකින් යුතු වන අතර වෙළෙඳ කුටි 115 කින් පමණ සමන්විතය. මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 459 මුදලක් වැය වී තිබෙනවා.