28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපන් සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්

ජපන් සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්

ජපානයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ සැකකරුවෙකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අනුරාධපුරයේ සිරිමෙවන් උයනේ පදිංචිකරුවෙකු වන 58 හැවිරිදි සැකකරු පෙරේදා (18) කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු ඊයේ (19) මීගමුව අදිකරණයට ඉදිරිපත් කර ඇති අතර වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා නියෝග කළේ ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මෙම පුද්ගලයා ලියාපදිංචි බලපත්‍රයක් නොමැතිව ව්‍යාජ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් අනුරාධපුරයේ කිරක්කුලමේ පදිංචි කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එහි විමර්ශන නිලධාරීන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.