― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsටිරාන්ගේ කතාවකට නීතීඥ සංගමයේ අප්‍රසාදය

ටිරාන්ගේ කතාවකට නීතීඥ සංගමයේ අප්‍රසාදය

පසුගියදා ටිරාන් අලස් අමාත්‍යවරයා නීතීඥවරු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොළඹ මහාධිකරණ නීතීඥවරුන්ගේ සංගමය අප්‍රසාදය පළකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ යම් පුද්ගලයෙකු නීතිය ඉදිරියේ වරදකරුවෙකු ලෙස තින්දු කරන තෙක් චූදිතයෙකු ලෙස සැලකෙන බවය.

එවැනි චූදිතයින් වෙනුවෙන් පෙනී සිටීමට සහ චුදිතයෙකුට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිඥ සහාය ලබාගැනීමේ අයිතියක් පවතින බව ද එම සංගමය පෙන්වා දෙයි.

ටිරාන් අලස් අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි වූයේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතීඥවරු බවයි.

කොළඹ මහාධිකරණ නීතීඥවරුන්ගේ සංගමය සිය නිවේදනය මඟින් තවදුරටත් පෙන්වා දෙන්නේ, නීතිඥ වෘත්තිය රටේ යුක්තිය සාධාරණත්වය මෙන්ම නීතියේ ආධිපත්‍ය රැකගැනීමට කටයුතු කරන වෘත්තීය ක්ෂේත්‍රයක් බවය.

ටිරාන් අලස් අමාත්‍යවරයා නීතීඥ වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවත් එම සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.