― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපරෙවි දූපත තාවකාලිකව වැසෙයි

පරෙවි දූපත තාවකාලිකව වැසෙයි

ත්‍රිකුණාමලය, නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දමා තිබෙනවා.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ ඊසාන මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග මුහුදේ වාරකන් සමය එලඹීම නිසා දූපත වසා දැමූ බවයි.

දූපත නැරඹීමට බෝට්ටු මගින් පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබෙනවා.

මුහුදේ මෙම රළු ස්වභාවය බොහෝවිට ලබන වසරේ පෙබරවාරි අවසන් වන තෙක් පවතින බවත් ඒ අතරවාරයේ ඇතැම් දිනවල මුහුද සාමාන්‍ය ස්වභාවයක් ගන්නා දිනවල දූපතට නැරඹීමට සංචාරකයන්ට ඉඩදිය හැකි බවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දිනය කවදාදැයි තීරණය කළ නොහැකි බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා.